Albion Academy යනු වාද්දුව ප්‍රදේශයේ ගණිතය සහ ICT ඉගෙනීමේ ප්‍රමුඛතම ආයතනයකි. එම ආයතනයේ ගුරුවරයා වන තරුෂ පෙරේරා මහතාට එම විෂයන් දෙක සම්බන්ධයෙන් වසර 15කට ආසන්න පළපුරුද්දක් ඇති අතර ඔහු කොළඹ මහානාම විද්‍යාලයේ වසර 10කට ආසන්න කාලයක් රජයේ ගුරුවරයෙකු ලෙසද සේවය කර ඇත.
"වැලි පිල්ලේ අකුරු සොයන නුඹට ගුවන් තලයේ සැරිසරන්නට තැනූ විශ්වයාත්‍රාව" යන ආදර්ශ පාඨය පෙරදැරිව ආරම්භ වූ මෙම පන්තිය අද වන විට ප්‍රදේශයේ දහස් ගණනක් දරුවන්ට ගණිතය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දැනුම ලබා දුන් ආයතනයක් බවට පත්ව ඇත. තමාටම ආවේණික වූ ඉගැන්වීමේ ශෛලියකින් ඉගෙනුම් ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යන මෙම ගුරුවරයා, නිරන්තරයෙන් දරුවන්ට උපදෙස් ලබා දෙමින් ඔවුන් නිවැරදි මාවතට යොමු කිරීමට පියවර ගන්නා ආකාරය නිරන්තරයෙන් දක්නට ලැබේ.මෙම පංතිවලට සහභාගී වන ඔබ හට,
1.නිවැරදිව පිළිවෙලට සරල ගැටළුවේ සිට සංකීර්ණ ගැටලුව දක්වා ගොඩනඟන ලද සටහන් පොත
2.පන්තියට සහභාගි වීමට අපහසු දිනවලදී මාර්ගගතව සම්බන්ධ වීමට ඇති හැකියාව
3.සෑම දිනකම පංතියේ ඉගැන්වීම් කටයුතුවලට අදාළව වීඩියෝ රෙකෝඩින් එකක් ලබා ගැනීමට හැකිවීම
4.පන්තියේ සාකච්ඡා කරන ගැටලු හා ප්‍රශ්න පත්‍ර සියල්ල දරුවා විසින් නැවත ගෙදරදී ස්වයං අධ්‍යයනයක් සිදුකිරීමත් එය ගුරුවරයා විසින් පරීක්ෂාවට ලක්කිරීමේ ක්‍රමවේදයක් පැවතීම
5.සෑම ශ්‍රේණියකටම අදාළව සතියේ තවත් දිනයක් ප්‍රශ්න පත්‍ර හා නිබන්ධන සාකච්ඡා කිරීමේ පංතියක් පැවැත්වීම
6.සෑම පාඩමකටම අදාළව නිබන්ධනයක් ලබා දෙන අතර එය සිසුවා විසින් සිදු කළේද නැද්ද යන්න වග පරීක්ෂාවට ලක්කිරීමේ ක්‍රමවේදයක් පැවතීම
7.නිරන්තර පරීක්ෂණ පවත්වමින් දරුවාගේ ප්‍රගතිය තීරණය කිරීම හා ඔවුන්ව දිරිගැන්වීමේ අරමුණින් පළමු, දෙවන හා තෙවන ස්ථාන සඳහා පදක්කම් ප්‍රදානය
8.සෑම වාරයකටම අදාළව වැඩිම ප්‍රශ්න පත්‍ර සංඛ්‍යාවක් සාකච්ඡා කරමින් දරුවන්ව විභාග සඳහා කලින්ම සූදානම් කිරීම
9.දරුවන් පන්ති පැමිණීමේ විස්තර,විභාග ලකුණු වල විස්තර,ලබා දෙන ගෙදර වැඩ ආදිය දරුවා කළේද නැද්ද යන්න පිළිබඳ විස්තර,දරුවා විසින් නියම කරන ලද නිබන්ධන පිළිබඳ විස්තර ආදිය දෙමාපියන් හට මාර්ගගතව පරීක්ෂාවට ලක් කිරීමේ හැකියාව
10.අඩු ලකුණු සහිත දරුවන් දිරිගැන්වීම සඳහා ප්‍රතිපෝෂණ වැඩසටහන් සිදුකිරීම
යනාදිය විශේෂතා ලෙස හඳුනාගත හැකි වනු ඇත.එසේ ම ඉහත වැඩපිළිවෙළවල්වල සාර්ථක බව පසුගිය අවුරුදුවල සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිරීක්ෂණයෙන් ඔබට මනාව පසක් වනු ඇත.පන්තිය තුළදී සාකච්ඡා කරන්නා වූ ප්‍රශ්න පත්‍ර හා ගැටලුවලට ආසන්න ගැටලු වාර විභාග ප්‍රශ්න පත්‍ර හා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රවල ලැබීමත්,පසුගිය කිසිදු වසරක සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූවන් පන්තිය තුළ නොමැතිවීමත්, පන්තියේ සාර්ථකත්වය මැනිය හැකි මිනුම් දඬු වේ.

.jpeg)
No comments:
Post a Comment